Labels:

Twitter වෙත Instagram මෝස්තරය පැමිණේ

 Twitter මේ වන විට ඔව්න්ගේනවතම සංස්කරණයක් iPhone හා Android වෙත නිකුත් කර තිබේ.

මෙම නවතම සංස්කරණය මගින් ඔබට ටුවිටරයේ ඇති ෆොටෝ සංස්කරණය කිරීම හා පිරිසිදු කිරීම වැනි පහසුකම් ලබාදී තිබේ.

ඔබට මෙම මෘදුකාංගය පහත ඇති ලින්ක් එකෙන් බාගත කල හැකිය.
මෙතනින් යන්න

Labels:

Grand Theft Auto: Vice City නැවතත් Google Play වෙතට


    පහුගිය සතියේදී Grand Theft Auto: Vice City ක්‍රීඩාව android ගූගල් ප්ලේ වෙතින් ඉවත් උ බව දක්නට තිබුණි. මෙයට හේතුව වුයේ වලංගු කිරීමේ දෝෂ (Validation error) නිසා මෙහි වටිනාකම නැතිවී තිබීමයි. කෙසේ වෙතත් මේ ඇප්ස් එකට තිබු ජනප්‍රියත්වය නිසාම නැවතත් මෙය ගූගල් ප්ලේ වෙත එක්කොට තිබේ.

මෙහි මිල ඩොලර් 4.99 කි.

පරිගණකයෙන් අප ප්ලේ කල Grand Theft Auto: Vice City මෙන් එයට තව තවත් කොටස්ද එකතුකර මෙය නිර්මාණය කොට ඇත.

Labels:

නැවතත් ගූගල් මැප්ස් iOS වෙත


 කාලයක් තිස්සේ ඉවත් කොට තිබු ගූගල් මැප්ස් සේවාව නැවතත් ඇපල් සමාගම විසින් ඔව්න්ගේ Apple's App storeවෙත නැවතත් ගූගල් මැප්ස් සේවය එක්කොට තිබෙනවා. මෙම මැප්ස් මගින් android මෙන් තැනින් තැනට හැරෙන (turn-by-turn navigation) පහසුකමද ලබාදී තිබේ, හරියට පොදු මහා මාර්ග දිශාවද (directions) ලබාදී තිබේ. පදික වේදිකා පෙන්නුම්ද , ගූගල් අර්ත් මෙන් ත්‍රිඩි(3D) පහසුකමද ලබාදී තිබේ.
          මෙම නවතම මැප්ස් ඇප්ස් එක ඉතා අලංකාර හා ආලෝකවත් වේ. ඒ වගේම මෙයට ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක්ද අන්තර්ගතකොට ඇත. මෙය නවතම iOS 6 හා ඊට පහල සංස්කරණ සහාද බාවිතා කල හැකිය.

මෙතනින් පිවිස එය ලබාගන්න
Go Here 

Labels:

මෙන්න තවත් මැජික් එකක්

ගුගල් වෙත ගොස් Do a barrel roll යන්න ටයිප් කර වෙන දේ බලන්න.
හැකිනම් කොමෙන්ටුවක්ද දාන්න....

Labels:

මෙන්න මැජික් එකක්


මැජික් එක දුටුවාද? එහෙනම් කොමෙන්ටුවක් දාලම යන්නකෝ

Labels:

මේ නත්තලට $125ක් වටිනා Ashampoo සොෆ්ට්වෙයර් පහක්ම නොමිලේ

මේ එන නත්තල වෙනුවෙන් Ashampoo විසින් සිය නිෂ්පාදන පහක්ම නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. මෙම මෘදුකාංග කට්ටලය 125$ ක වටිනාකමින් යුක්ත වේ. Ashampoo® Burning Studio 2012 /
Ashampoo® Photo Commander 9 / Ashampoo® Snap 5 / Ashampoo® SlideshowStudio 2012 / Ashampoo® WinOptimizer 2012 යන සොෆ්වෙයර් සියල්ල නොමිලේම ලබා ගතහැකිය.

https://www.ashampoo.com/en/usd/lpa/christmas?c=xmas12

ඉහත ලින්කය හරහා ඔව්න්ගේ වෙබ් පිටුවට ගොස්මෙම කුපන් පත ඇතුල් කරන්න. xmas12 එය ලබාදී ගෙට් ඩව්න්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. ඉන් පසුව ලැබෙන පිටුවෙන් ඔබ කැමැති මෘදුකාංගය බාගන්න.

Labels:

ෆ්ලොචාට් සකසා දෙන 'ලුසිඩ්චාට්'


ගැලීම් සටහන් හෙවත් ෆ්ලොචාට් සහ වෙනත් කෙටි සටහන් රුප පහසුවෙන් සකසාගන්නට මෙම වෙබ් සේවය යොදා ගත හැක.
https://www.lucidchart.com/

Labels:

Back to Classics: ලයිට්සේබර් ජංගම දුරකථනය



දශකයක හෝ දෙකක පමණ කාලය තුලදී ජංගම දුරකතනයේ හැඩහුරුකම් සීග්‍රයෙන් වෙනස් විය. අතට පහසු අයුරින් මෙන්ම තාක්ෂනය අතින්ද ඉතා ඉහල ජන්ගම දුරකතනා අද වන විට වෙළදපලට නිකුත් වි තිබේ. එහෙත් සැමදා තාක්ෂණයෙන් ඉහල ගියද හතරැස් හැඩයෙන් එහාට යන්නට ස්මර්ට්ෆොනයට කිසිදිනක නොහැකිවේද?
      Marc Sch mann විසින් මේ සදහා පිළිතුරු ලබාදෙමින් ආකර්ශනීය ස්මර්ට්ෆොන් සැලසුමක් ඉදිරිපත්කල තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙය රැඩිකල් හැඩයකින් සහ සම්පුර්ණයෙන්ම වෙනස් ජංගම දුරකථන ආකෘතියක් උවත්, මෙහි ප්‍රදානම සහ එකම හැකියාව වන්නේ දුරකථන ඇමතුමක් ලබාදීමට ඉඩදීම පමණි. මෙහිදී ඔබ සිහි තබාගත
යුත්තේ ක්ලසික් වර්ගයේ ඇමතුමක් ලබාගැනීමට හැකි, වෙනත් කිසිදු පහසුකමකින් තොර ජංගම දුරකථන සදහාද ලෝකය පුරා ආකර්ශනයක් පවතින බවය.

Labels:

Fujifilm සමාගමෙන් නිපදවෙන 1 TB Optical Disc




 2015 දී නිකුත් විමට නියමිත නව උපාංගයක් සම්බන්දව Fujifilm ආයතනය මේ දින වල අවදානය යොමුකර තිබෙනවා. පසුගිය දිනවල දක්නට ලැබුණු ආකාරයට Optical උපාංග වලට හොද කාලයක් තිබුනේ නැත. ඒ සමාගම Apple සමාගමේ නවතම iMac නිෂ්පාදනයේ CD දාවනය කිරීමේ දාවකයක් නොතිබිමද කැපී පෙනෙන අඩු පාඩුවක් වුනා. මේ සමග මෙම Fujifilm සමාගමේ නිෂ්පාදනය මිනිසුන්ට වඩා දැනෙන උපාංගයක් වේවි. මෙම තැටි ටෙරාබයිට් 15 ක් දක්වා දැරියහැකි වූ දාරිතාවයකින් යුතුව නිර්මාණය කිරීමට Fujifilm සමාගම උත්සුක වෙනවා. නව තාක්ෂනය හරහා නිපදවෙන මෙය Blue-Ray තැටියකට වඩා මිලෙන් අඩුවනු ඇතැයි නිෂ්පාදකයන් සිතනවා. දැනට Blue-Ray තැටියකට 120GB දක්වා මතකය ගබඩා කිරීමේ හැකියාවක් ඇත.

Labels:

මොසිල්ලා මොබයිල් වීම - Firefox OS

 
ෆයර්ෆොක්ස් තාලයේ මොබයිල් ඕඑස් එකක් එයි!

යර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය, නිකුත් කරන සමාගම වෙන ෆවුන්ඩේෂන් ආයතනය ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් පිසි වැනි ජංගම උපාංග සදහා මෙහෙයුම් පද්දතියක් නිකුත්කොට තිබේ. එහි නම ෆයර්ෆොක්ස් ඕඑස් (Firefox OS) ය.
      ඇපල් අයිඑස් , ගූගල් ඇන්ඩොයිඩ් , වින්ඩොව්ස් ෆෝන් වැනි මොබයිල් ඕඑස් එකක් වෙන මෙය සම්පුර්ණයෙන්ම විවුර්ත (Open Standard) එකකි. එනම් කිසිම බාදාවක් නැතුව කාටත් එය තමන්ට ඕනෑ හැටියට වෙනස් කරගත හැකි සේ එහි කේත පද්දතිය ප්‍රසිද්ද කෙරේ. දැනට තිබෙන ඕපන් සෝස් මාදිලියේ මොබයිල් ඕඑස් එක සේ android ප්‍රසිද්ද වුවත්, android සම්පුර්ණයෙන්ම විවුර්ත එකක් නොවේ. එය බාවිතා කල හැක්කේ ගූගල් සමාගමෙන් පනවන නීති රෙගුලාසි වලට යටත්වය. එහෙත් ෆයර්ෆොක්ස් ඕඑස් එසේ නොවේ. එහි සිමා රෙගුලාසි කිසිවක් නොමැත. එනිසා ලොව පළමු ඕපන් ස්ටෑන්ඩර්ඩ් මොබයිල් ඕඑස් එක වන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් ය.
         එළබෙන 2013 අව්රුද්දේ ෆයර්ෆොක්ස් ඕඑස් ඇති ජංගම උපාංග වෙළදපලට එවන්නට දැන් වැඩකරමින් තිබේ. චීනයේ සීටිඊ (ZTE) සහ ටිසීඑල් (TCL) යන ජංගම දුරකථන සමාගම් විසින් ෆයර්ෆොක්ස් ඕඑස් මෙහෙයුම් පද්දතිය ඇති ජංගම දුරකථන නිපදවන බවට දැන් කියා තිබේ. මෙහිදී යොදාගන්නේ දැනට සැම්සුන් ගැලැක්ස් වැනි උපාංග සදහා යොදාගන්නා ස්නැප් ඩ්‍රැගන් (Qualcomm Snap Dragon) ප්‍රොසෙසර්ය. එහි තේරුම ෆයර්ෆොක්ස් ඕඑස් එකත් දැන් තිබෙන වෙනත් මොබයිල් ඕඑස් මෙන් බලසම්පන්න එකක් බවය. එසේම ලොව ප්‍රකට ජන්ගම දුරකතන සේවා සමාගම් සියල්ලක් ම පාහේ ෆයර්ෆොක්ස් ඕඑස් ඇති ජංගම උපාංග වලට සබදතා ලබාදීමට කැමතිවී තිබේ.
      ෆයර්ෆොක්ස් ඕඑස් මොබයිල් මෙහෙයුම් පද්දතිය වැඩ කරන්නේ කෙසේද කියා අත්හදා බලන්නට එහි සංස්කරණයක් දැන් කාටත් නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්නට් පුළුවන. (http://goo.gl/aBO8I) මෙය ෆයර්ෆොක්ස් ඇඩෝන් එකක් සේ ඕනෑම පරිගනකයකදී ක්‍රියාත්මක කොට බලන්නට පුළුවන.
     ෆයර්ෆොක්ස් මොබයිල් ඕඑස් එක දැනට සකසා ඇත්තේ ඇමතුම් ලබාගැනීමට, පණිවුඩ යැවීම සහ කැලැන්ඩරය පවත්වාගෙන යාම වැනි මුලික වැඩකටයුතු පමණක් කළහැකි සේය. එහෙත් ඉදිරියේදී ඒ ගුණාංග වදුරටත් දියුණු කෙරෙනු ඇත
     ෆයර්ෆොක්ස් ඕඑස් මෙහෙයුම් පද්දතිය අනෙක් මොබයිල් ඕඑස් මෙන් විශේෂ මෘදුකාංග ආකෘතියක් හෙවත් ප්ලැට්ෆෝම් එකක්මත ක්‍රියාත්මක වන්නක් නොවේ. එය නවතම HTML5 වෙබ් අඩවි ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වන්නට තැනුවකි. එනිසා දැනට අන්තර්ජාලයේ ක්‍රියාත්මකවිය හැකි මොබයිල් උපාංග වලට අදාළ ඕනෑම වැඩසටහනක් ෆයර්ෆොක්ස් ඕඑස්සමග ක්‍රියාත්මක කරවන්නට පුළුවන
    ෆයර්ෆොක්ස් ඕඑස්වෙත නොයෙක් අංග එක් කරන්නේ ඇප්ස් මගිනි. මේ ඇප්ස් ලබා ගතහැක්කේ මොසිල්ලා මාර්කට් ප්ලේස් (Marketplace) වෙබ් අඩවියෙනි. එම ඇප්ස් සියල්ල ලියා ඇත්තේ HTML5 ප්‍රමිතිය අනුවය. එනිසා ඒවා අනෙක් වෙබ් සේවා සමග කිසි බාදාවක් නැතුව ක්‍රියාත්මක වෙයි.
         කව්රුත් දන්නා විදියට ෆයර්ෆොක්ස් ඕඑස් එකට වෙලදපල ජයගන්න රගකල යුත්තේ ඉතාම උසස් මොබයිල් ඕඑස් සමගය. ඒවායේ තාක්ෂණයට වඩා මෙතැනදී පෙරට එන්නේ මොස්රයයි. මේගැන සදහන් කරමින් මොසිල්ලා ආයතනයේ නිල බ්ලොග් අඩවියේ http://blog.mozilla.org/ කියා තිබුනේ ෆයර්ෆොක්ස් ඕඑස් එක යනු මෝස්තරය අතින්ද අනෙක් ඒවා පරයන නවීන එකක් බවය. ෆයර්ෆයර්ෆොක්ස් ඕඑස්ෆොක්ස් ඕඑස්ෆයර්ෆොක්ස් ඕඑස්

Labels:

Dragon Scale බැගය වඩා වැදගත් පෙනුමකට

පිරිමින් වෙනුවෙන්ම සැකසුනු බැග් අතරින් වඩා වැදගත් පෙනුමක් දෙන බැගයක් සොයන ඔබට මෙය කදිම පුවතක් වනු ඇත. Dragon Scale Bag of Holding නම් වන එය ඉතා විශාල බරක් දැරියහැකි ලෙස නිර්මාණය කොට ඇත. එසේම එය 'Dragon Hide' විශේෂයේ PVC සම් වර්ගයකින් නිපදවා ඇත . තිරය අගල් 17ක් වනතෙක් විශාල ලැප්ටොප් එකක් දැමිය හැකිලෙස මෙම බැගය නිර්මාණයකොට ඇත. එසේම ටැබ්ලට් උපාංග පොත්පත් සහ විවිද වූ එදිනෙදා අවශ්‍යවන උපාංග දමියහැකි ලෙස මෙය නිපදවා තිබෙනවා. එසේම නවීන තාක්ෂනයත් සමග වන කුඩා උපකරණ දමියහැකි ලෙස සකසා ඇති මෙය විවිද සාක්කු සහිතය. දරා සිටින්නාට එතරම් බරක් නොදැනෙන ලෙස තාක්ෂනය උසස් අයුරින් නිපදවා ඇති මෙය ඇමරිකානු ඩොලර් 80 කට මිලකර තිබෙනවා. සදහන්කලයුතු විශේෂිතම කාරණය වනුයේ Dragon යන නම යෙදී තිබුනද මෙයින් කිසිදු මකර විශේෂයකට හානියක් සිදු නොවීමය.

Labels:

Samsung Galaxy S IV - මීලග ගැලැක්සි එන්නේ UNBREAKABLE SCREEN එකක් එක්ක


සම්සුන්ග් ගැලැක්සි S III දුරකතනයේ උණුසුම අඩුවීමට පෙර ඔව්න්ගේ නවතම දුරකතනය ගැන තොරතුරු පළවීමට පටන්ගෙන ඇත. Samsung Galaxy S IV දුරකථනය ලබන වසරේ අප්‍රේල් මාසයේ සම්සුන්ග් සමාගම වෙළදපලට නිකුත් කරයි යයි කටකතාවක් තිබේ. සම්සුන්ග් ජංගම දුරකථන සමාගමේ මීලග ජංගම දුරකථනය වන සැම්සන් ගැලැක්සි S IV දුරකථනය පැමිණෙනුයේ කඩා බිද දැමිය නොහෙකි ලෙසය. එම දුරකතනයේ ස්ක්‍රීන් එක නිපදවනුයේ ප්ලාස්ටික් වලින් බව සදහන්වේ. එම කතාව සත්යක්නම් එය සම්සුන්ග් සමාගම ඉදිරියට තබන ලොකු පියවරක් වේවි. එමෙන්ම මෙය අගල් 5 ක Display එකකින්ද යුක්ත බව සදහන් වේ.

Labels:

සුපිරි පරිගණක


                  ද මිහිමත පමණක්ම නොව සමහරවිට විශ්වයේම ඇති බලසම්පන්නම යන්ත්‍රය තිබෙන්නේ ඇමරිකාවේ බලශක්ති දෙපර්ත්මෙන්තුවට අයත් ඕක් රිජ් ජාතික විද්‍යාගාරයේය. එහි නම ටයිටන් ( Titan ) ය. මිනිසුන් දහසක් දෙනා අවරුදු හැටදහසක් තිස්සේ දිවා රැ නොබලා කරන ගණනයකිරීම් කන්දරාව කරන්නට මෙම ටයිටන් සුපිරි පරිගණකයට ගතවෙන්නේ තත්පරයකි. ටයිටන් සුපිරි පරිගණකයේ බලසම්පන්න කම තේරුම් කරදෙන්නට තවත් උදාහරණයක් ඉදිරිපත් කරන්නට පුළුවන, මුළු ලෝකයේම සිටින කෝටි 700ක් වෙන සෙනග, වෙන වැඩ සියල්ල නවතා වරුවක් තිස්සේ ගණිත ගැටළු විසදුවේයයි සිතන්න. ඒ සියලු වැඩ කොටස කරන්නට ටයිටන් සුපිරි පරිගණකයට ගත වෙන්නේ තත්පරයකි. ඒ කියන්නේ තත්පරයකදී මෙම යන්ත්‍රය ගණනය කිරීම් ට්‍රිලියන 17,590 ක් සම්පුර්ණ කරන බවය. (ට්‍රිලියනයක් යනු බිලියන දහසක් හෙවත් කෝටි ලක්ෂයකි).
                              ප්‍රොසෙසර් 560,640 කින් පනලබන ටයිටන් සුපිරි පරිගණකය ලෝකයේ වේගවත්ම යන්ත්‍රය බවට නිල වශයෙන් ප්‍රකාශ කලේ, ටොප් 500 (Top 500) ලැයිස්තුව මගිනි. ඒ පසුගිය නොවෙම්බර් 12 වැනිදාය. ලෝකයේ නොයෙක් රටවල තිබෙන සුපිරි පරිගණක සියල්ලේම හැකියාවන් සලකා බලා ඒවා එකේ සිට පන්සීය දක්වා පෙලගස්විමෙන් හදන, ටොප් 500 ලැයිස්තුව (top500.org) අවරුද්දකට දෙවරක් අලුත් කෙරේ. ඒ අනුව සෑම අව්රුද්දකම ජාත්‍යන්තර සුපිරි පරිගණක සම්මේලනය (ISC - International Supercomputer Conference) පැවැත්වෙන ජුනි මාසයේ සහ ඇමරිකානු සුපිරි පරිගණක සම්මේලනය (IEEE Super computer Conference) පැවැත්වෙන නොවෙම්බරයේ දී ය.
                             මෙම නොවෙම්බරයේදී සකස් කල ලැයිස්තුවට අනුව ලොව ප්‍රකට සුපිරි පරිගණ සියල්ලම පාහේ වේගවත්ම සුපිරි පරගණක ලයිස්තුවේ මුල් තැන සිටි. ඇමරිකාවේ කේ සමාගමේ ටයිටන් (Crey Titan) හැරුණු විට මෙසේ තිබෙන අනෙක් ප්‍රකට සුපිරි පරිගණක නවය වන්නේ පිලිවෙලින්, ඇමරිකාවේ අයිබීඑම් බ්ලුජින් සේකුවා (Sequoia), ජපානයේ ෆුජිට්සු කේ කොම් පියුටර් (K Computer), අයිබීඑම් බ්ලුජින් මීරා (Mira), ජර්මනියේ අයිබීඑම් ජුක්වින් (JUQUEEN), ජර්මනියේ අයිබීඑම් සුපර්මක් (SuperMUC), ඇමරිකාවේ ඩෙල් ස්ටම්පිඩ් (Stampede), චීනයේ තියැංහි (Tianhe), ඉතාලියේ අයිබීඑම් ෆර්ම් (Fermi) සහ ඇමරිකාවේ අයිබීඑම් ඩර්පා (Darpa) ය.
                                          සෙසු සැම සුපිරි පරිගණකයක් සාමාන්‍ය පරිගණකයකින් වෙනස් වෙන්නේ එහි තිබෙන අති මහත් වේගය නිසාය. සුපිරි පරිගණක වේගය මනිනේ ෆ්ලොප්ස් (FLOPS - FLoating Point Operation Per Second) හෙවත් තත්පරයකට කළහැකි ගණනය කිරීම් සන්ක්‍යාවෙනි. බොහෝවිට බාවිතා වෙන්නේ මින් තනාගත් හෝ වියුත්පන්න කොටගත් ඒකකයක් වන ටිෆ්ලෝපස් (TFLOPS) හෙවත් ටෙරාෆ්ලොප්ස් (1TFLOP = 1012 FLOPS)  ටෙරාෆ්ලොප්ස් ය. එකක වේගය යනු තත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියනයක් කළහැකි වේගය යි.
     සුපිරි පරිගනකයක වේගය රදාපවතින කාරණා කිහිපයකි. එහි සැලසුම ඉන් ප්‍රදානය. ප්‍රොසෙසර් වැඩි ගණනක් එකවර ක්‍රියාත්මක වනසේ නිර්මනායකොට තිබිම සුපිරි පරිගනකයක ඇති මුලික ලක්ෂණයකි. එනිසාම එය කාමරයක හෝ ශාලාවක එකලස්කළ යුතු තරම් විශාලය. සුපිරි පරිගණකය නිර්මාණය කොට තිබෙන්නේ දෛශික (Vector) ක්‍රමය නම් පැරණි ක්‍රමයට අනුව ප්‍රොසෙසර් එක් කිරීමෙන්ද, එහෙමත් නැතිනම් මද්‍යම සැකසුම් ඒකක සමුහයක් සම්බන්ද කොට ඇති පොකුරු පරිගණක (Cluster Computer) පද්දතියකින්ද කියන කාරණය උඩ එහි වේගය වෙනස්වෙයි.
                                                            සුපිරි පරිගණකයේ ක්‍රියාත්මකව තිබෙන වැඩසටහන් ද එහි වේගයට බලපායි. අද බාවිතා වෙන වැඩි හරියක් සුපිරි පරිගණක මෙහෙයුම් පද්දතිය ලෙස තෝරාගෙන ඇත්තේ යුනික්ස් (UNIX) මෙහෙයුම් පද්දතිය හෝ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය (Linux) මත පදනම් වූ ඒවාය.
                                                            සුපිරි පරිගණක ක්‍රියාත්මක වෙන විට මතුවන ලොකුම අර්බුදය වන්නේ එය රත්වීම ය, වායුසමනය කල කාමර වල තැබීමෙන් පමණක් මෙම රස්නය මට්ටු කරන්නට බැරිය. එනිසා විවිද හැඩයෙන්, විවිද වටපිටා තුල තබමින් සුපිරි පරිගණක සැලසුම්කරුවන් වෙහෙසෙන්නේ උපදින තාපය ඉක්මනින් පිට කරවා පද්දතිය ඕනවට වඩා රත්වීම වලක්වගන්නටය. තවත් පර්යේෂකයන් පිරිසක් වෙහෙසෙන්නේ අඩුවෙන් රස්නය උපදින තාලයේ ප්‍රොසෙසර් නිපදවගන්නය. මේ මොන ක්‍රමයෙන් හෝ සුපිරි පරිගණකයේ සිතල රදවාගන්නා තරමට එහි වේගයද රදවාගන්නට පුළුවන. අනෙක් අතට මේසදහා සුපිරිපරිගණක යොදාගන්නා විදුලි ප්‍රමාණය අඩුවිය යුතුය. සුපිරි පරිගණකයක් ක්‍රියාත්මකවෙන්නට ඕන කරන විදුලි බලය මනින්නේ කිලෝවොට් (KW) වලිනි. ජපානයේ කේ කොම් පියුටර් සුපිරි පරිගණකය ක්‍රියාත්මක වෙන්නට කිලෝ වොට් 12,660ක් විදුලිය වැය වෙයි. එය හරියට සමාන වන්නේ එකවර වොට් 100 විදුලි බුබුළු 120,000 ක් දල්වා තිබෙනවිට වැයවන විදුලිබලයටය.
                                                           මහා ධනස්කන්දයක් වියදම් කොට ලෝකයේ තිබෙන සැම සුපිරි පරිගනකයක්ම ස්තාපනය කොට නඩත්තු කරන්නේ විශේෂ ප්‍රයෝජන ලබාගන්නටය. එමගින් ලබාගන්නා ප්‍රයෝජනය වෙන කිසිම උපකරණයකින් ලබාගන්නට බැරි ඒවාය. එනම් සුපිරි පරිගණකයක් නොතිබුනේනම් මේවා කරන්නට බැරිය. විශේෂයෙන්ම සුපිරි පරිගණක යොදා ගන්නේ ගණනය කිරීම් කන්දරාවක් කන්දරාවක් කොට අවසානයේ තින්දුවකට එන්න ඕනේ වැඩවලටය. නොයෙකුත් මුලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු ඉක්මනින් විශ්ලේෂණය කිරීමට සුපිරි පරිගණක වලට වඩා හොද යන්ත්‍රයක් මෙහිපිට නැත.
                අයිබීඑම් බ්ලුජින් මාදිලියේ පරිගණක, ඕනෑම පර්යේෂණ කටයුත්තක් වෙනුවෙන් අයිබීඑම් සමාගම විසින් එකලස්කොට දෙනු ලබන සුපිරි පරිගණක වර්ගයකි. එය නොයෙක් පර්යේෂකයන්ට ඖෂධ නිෂ්පාදනයට ඕනේ කරන සංකීර්න තොරතුරු වලින් පිරි රසායන ප්‍රතික්‍රියා නිරවුල් කරගන්නට උපකාර වෙයි. ඉතා සංකීර්න ප්රෝටීන වියුහයන් තේරුම් ගැනීමට උපකාර කරයි. අතින් කලේනම් අවරුදු සියගානක් කලයුතු ගණනයකිරීම්, ලියා විසදා ගත යුතු රසායනික සමිකරන පැයදෙකකින් එකලස්කොට විසදා දිමේ ප්‍රතිපලය කුමක්ද? එහි ඔරතිපලය වෙන්නේ අදින් අවරුදු සියගනනකින් පසු බිහිවෙන්නට තිබෙන විද්‍යා තාක්ෂණික පසුබිම අද බිහිවිමයි.
                               ස්විස්ටර්ලන්තයේ ලැසෙඤ්ඤා නුවර පොලිතෙක්නික් ආයතනය බ්ලූ බේරේන් නම් වියාපෘතියක් (Blue Brain Project) ආරම්බ කොට තිබේ. මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය හැදෑරීම මේ වියාපෘතියේඅරමුනයි.ඒ සදහා ඔවුන් දැන් ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ බ්ලුජින් මාදිලියේ සුපිරි පරිගණකයකි. මේ පරිගණකයේ හැම ප්‍රොසෙසරයකින්ම එක් ස්නායු සෛලයක් නිරුපනය කරමින් ප්‍රොසෙසර් අට දාහක් ඇසුරෙන් දැන් මේ විමසා බැලීම සිදු කෙරේ. මානසික රෝග වලට ප්‍රතිකාර සොයා ගැනීමට මේ පර්යේෂණයේ ප්‍රතිපල ඉවහල්වනු ඇත ය කියන පර්යේෂණය මෙහෙයවන මහාචාර්ය හෙන්රි මාක්‍රුම්, තවදුරටත් කියන්නේ බ්ලුජින් පරිගණක නොතිබුනානම් මෙවැනි සංකීර්ණ පර්යේෂණ කිරීම සිහිනයක් බවයි.
                    න්‍යෂ්ටික අවියක් හරි ඉලක්කයට යැවීමට දහසකුත් එකක් ගණිත සමීකරණ විසදිය යුත්තේය. වැරදුනොත් ඉලක්කය වරදීය. එසේම මේ ගණනය කිරීම් මිනිසා අතින් කරන්නටනම් අවරුදු ගණනාවක්ම ගතවේ. එහෙත් සුපිරි පරිගණකයකට එය තත්පර ගණනකින් කලහැක. ඇමරිකාවේ ලෝරන්ස් ලිවර් මෝල් ජාතික විද්‍යාගාරයේ පර්පල්  (ASC Purple) නම් සුපිරි පරිගණකයක් තිබේ. ඇමරිකානු න්‍යෂ්ටික අවි හරි හැටි ඉලක්කගතකොට තිබේද යන්න විමසා බැලෙන්නේ මෙමගිනි. එසේම මහජනයාට හානියක් නොවන ලෙස න්‍යෂ්ටික පර්යේෂණ මෙහෙයවීමටද පර්පල් සුපිරි පරිගනකයෙන් උදව් ලැබේ. ප්‍රංශයේ න්‍යෂ්ටික අවි සම්බන්ද සියලු කටයුතු බලා කියගන්නේද සුපිරි පරිගණකයක් විසිනි. එය ටෙරා10 (TERA-10) සුපිරි පරිගණකයයි.
                   අභයවකාශ යානයක් හරි හැටි කක්ෂ ගත කිරීම, මිසයිලයක් හරියට ඉලක්කයට යවනවටවඩා සිය දහස් ගුණයක් සංකීර්න වැඩකි. ඒ සදහා විසදිය යුතු ලක්ෂ ගණනක් ගණිත ගැටළු හරියට විසදන්නටනම් සුපිරි පරිගණකයකින් මෙහා ජගත් නැත. ඇමරිකාවේ නාසා (NASA - National Aeronautics and Space Agency) ආයතනය වෙනුවෙන් සිලිකන් ග්‍රැෆික්ස් සමාගම විසින් නිර්මාණය කොට තිබෙන කොලොම්බියා (Columbia) සුපිරි පරිගණකය ඇමරිකානු අභයවකාශ වියාප්පෘති වලට උදව් කරයි.
                වසර 2002 සිට 2004 දක්වාම ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය වූයේ, ජපානයේ අර්ත් සිමියුලේටර් සුපිරි පරිගණකයයි. ඇමරිකානු ඩොලර් කෝටි තිස් පහක්හෙවත් දලවශයෙන් රුපියල් කෝටි හාරදහසක වියදමින්, ටෙනිස් පිට්ටනි හතරක් පිහිටුවියහැකි ඉඩමක ඇති අර්ත් සිමුලෙටරයේ කලගේවෙන්නේ ලෝකයේ කාලගුණය ගැන ගණන් හැදිමටය.
               මහා පොළොව උණුසුම්වීම, බුමිකම්පා ඇතිවීමේ රටා, කාලගුණ චන්ද්‍රිකාවලින් ලැබෙන තොරතුරු ඉක්මනින් විමසා අනාවැකි පලකිරීමට උපකාර කිරීම යනාදී වැඩකටයුතු අර්ත් සිමුලෙටර් සුපිරි පරිගණකයෙන් කරය.
             විශ්වයේ උපත හා සම්බන්ද තොරතුරු තේරුම් ගන්නට නොයෙක් පර්යේෂනාත්මක ආකෘති සැකසීමට (Simulate models of the galaxy) සුපිරි පරිගණක යොදා ගැනේ.
            ජිවින්ගේ ජානවල තිබෙන නොයෙකුත් රටා තේරුම්ගැනීමේ වැඩ කරන්නේ සුපිරි පරිගණකවල උදව්වෙනි. එමගින් ජීවීන්ගේ සම්බවය හා බැදුණු රසායන ද්‍රව්‍ය නැවත නිර්මාණය කොට (molecular dynamics simulation) පර්යේෂණ කෙරේ.
            මිනුසුන්ගේ සිරුරේ රසායනික ක්‍රියාවලිය දියුණු වූ ආකාරය ගැන අධයනය කරන්නටද සුපිරි පරිගණක යොදාගැනේ. එමගින් පිලිකා රෝග වලටත් වෙනත් ජානමය සම්බවයක් ඇති රෝගවලටත් ප්‍රතිකාර සොයාගන්නට පුළුවන.

Labels:

Nokia Lumia 620 - මිල අඩුම Windows Phone 8 Device එක


Nokia සමාගම සිය නවතම නිෂ්පාදනය වන “Nokia Lumia 620″ smartphone එක මේ වන විට නිකුත් කර හමාරයි. Windows Phone 8 mobile OS එකෙන් සමන්විත මිල අඩුම device එක ලෙස Nokia Lumia 620 හදුන්වන්න පුළුවන්. 800 x 480 resolution එකක 3.8-inch Clear Black WVGA screen එකක් හා Qualcomm S4 1GHz dual-core GPU එකක් සහිතව තමයි මෙම Lumia 620 smartphone එක ඔබ අතට පැමිණෙන්නේ. මෙහි පසුපස කැමරාව 5 MP වන අතර ඉදිරිපස තිබෙන්නේ VGA කැමරාවක්. මෙහි storage එක ගිගාබයිට් 8 ක ප්‍රමණයක් පමණක් වන නමුත්, Lumia 620 සමග ඔබට micro SD memory card එකක් බාවිතා කරන්න පුළුවන්.මෙහි මිල $249 ක් වන අතර එකිනෙකට වෙනස් වර්ණ 6 කින් Lumia 620 මිලදීගන්න ඔබට පුළුවන්. ඒ වගේම එහි ආවරණය පහසුවෙන් මාරු කල හැකියි.