Labels:

Dragon Scale බැගය වඩා වැදගත් පෙනුමකට

පිරිමින් වෙනුවෙන්ම සැකසුනු බැග් අතරින් වඩා වැදගත් පෙනුමක් දෙන බැගයක් සොයන ඔබට මෙය කදිම පුවතක් වනු ඇත. Dragon Scale Bag of Holding නම් වන එය ඉතා විශාල බරක් දැරියහැකි ලෙස නිර්මාණය කොට ඇත. එසේම එය 'Dragon Hide' විශේෂයේ PVC සම් වර්ගයකින් නිපදවා ඇත . තිරය අගල් 17ක් වනතෙක් විශාල ලැප්ටොප් එකක් දැමිය හැකිලෙස මෙම බැගය නිර්මාණයකොට ඇත. එසේම ටැබ්ලට් උපාංග පොත්පත් සහ විවිද වූ එදිනෙදා අවශ්‍යවන උපාංග දමියහැකි ලෙස මෙය නිපදවා තිබෙනවා. එසේම නවීන තාක්ෂනයත් සමග වන කුඩා උපකරණ දමියහැකි ලෙස සකසා ඇති මෙය විවිද සාක්කු සහිතය. දරා සිටින්නාට එතරම් බරක් නොදැනෙන ලෙස තාක්ෂනය උසස් අයුරින් නිපදවා ඇති මෙය ඇමරිකානු ඩොලර් 80 කට මිලකර තිබෙනවා. සදහන්කලයුතු විශේෂිතම කාරණය වනුයේ Dragon යන නම යෙදී තිබුනද මෙයින් කිසිදු මකර විශේෂයකට හානියක් සිදු නොවීමය.

0 comments:

Post a Comment