Labels:

ඇපල් iCe Box - අනාගතයේ ශීතකරණය


   ඔබට මේ දක්නට ඇත්තේ ඇපල් සමාගමේ නිෂ්පාදනයකි. ඇපල් සමාගම විවිද දේ නිපදවීමට නිරතුරුව උත්සහා ගන්නවා, අප කලින් දැක වූ මෙම ලිපියෙන් පවා එයට නිදසුන් සපයයි. මෙම නිපැයුම ගැන පැහැදිලි කිරීමේදී මෙය ඔබ ෆිල්ම් එකක් බලමින් ඉන්න අතරතුර කුමකට හෝ ඔබ මුළුතැන්ගෙට පැමිණෙයි කලින්නම් ඔබ එනවිට ෆිල්ම් එක Pause කරලා එන්නේ නමුත් මෙම ඇපල් සමාගමේ ශීතකරණය නිසා ඔබට එය සිදු කිරීමට ඕනෑ නැත ඒ ඇයි ? ඔබ මුළුතැන්ගෙට පැමිණි විගස මෙම ශිතකරණය එම සංවේදනය හදුනාගෙන රුපවාහිනියේ ඇති ෆිල්ම් එක Pause කර iCe Box හි ඇති තිරය මතඑය දාවනයකරයි. මෙහි නවීන ශීතකරණයක දැකිය හැකි සියලුම පහසුකම් දක්නට ඇත. මෙහි අනිත් විශේෂාන්ගනම්

  1. iOS උපාංග හා ඍජුවම සම්බන්ද වීමට හැකි වීම 
  2. i Tune මගින් චිත්‍රපට හා ආහාර වට්ටෝරු Download කිරීමට හැකි වීම.
  3. චලන සංවේදක මගින් පුද්ගලයන් හදුනාගැනීම
  4. Wi-Fi හා Bluetooth සබදතා තිබීම

Labels:

චීනයට ගොස් රොබෝ අවන්හලකින් කැම කමුද?

මේ ඔබට පැවසීමට යන්නේ චීනයේ තිබෙන සුවිශේෂී අවන්හලක් ගැනය. මෙය නමින් Harbin ය. මෙය පිහිට තිබෙන්නේ Heilhongjiang පළාතේ Harbin නගරයේය. මෙම අවන්හලේ විශේෂත්වය වනුයේ මෙම අවන්හලේ කාර්ය මණ්ඩලයට රොබෝවරුන් 18 දෙනෙක් ඇතුලත්විමයි. මෙම අවන්හලට පැමිණෙන අමුත්තන් පිළිගැනීමේ සිට ආහාර පිළියෙළ කිරීම, ආහාර පිළිගැන්වීම දක්වා වූ සියලු කටයුතු මෙම රෝබෝවරුන් විසින් සිදු කරනු ලබනවා. මෙම රෝබෝයන්ත්‍ර නිර්මාණය කොට තිබෙන්න Harbin Haohai කියන සමාගම විසිනුයි. මෙම අවන්හල නිර්මාණයේදී යෙන් මිලියන 5ක් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 790,000 ක් වියදම් කොට තිබෙනවා. මෙහි සිටින සැම රෝබෝ කෙනෙක්ම යෙන් 200,000 ත් 300,000( $ 31,500 - $ 47,000) ත් අතර මිල ගණන්වලින් යුක්ත බව ඔව්න් පවසනවා. මෙහි ඔබ රාත්‍රී කැම වේලක් ලබාගැනීමට පිවිසේන්නේනම් ඔබ අත අවම වශයෙන් ඩොලර් 6 ත් 10 ත් අතර මුදුලක් වත් තිබිය යුතුය.

Labels:

ඇපල් iQua - වතුර ගෙනයාමේ අලුත් කලාව


                 මේ දක්නට තියෙන්නේ ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනයකි. නමින් එය ඇපල් iQua වේ. මෙයින් සිදුකරනුයේ ජලයේ ඇති අපවිත්‍රකාරක 99.9% ක් ම ඉවත් කරන අතර ජලයේ ඇති ක්ලෝරීන් වැනි පිරිසිදුකාරක අංශු, රස හා විවිද ගන්දයන් ඉවත්කොට අතිශය පිරිසිදු ජලය අපට ලබාදේ. මෙය ෆිල්ටරයක් සහිත කුඩා වතුර බෝතලයකි. මෙය සාමාන්‍ය ෆිල්ටරයක ක්‍රියාවට සමාන නමුත් ඉතාමත් සරල ආකාරයට නිර්මාණය කොට ඇත. බෝතලය තුල ඇති ෆිල්ටරය දිනකට අට වතාවක් මාරුකලද මාස තුනක කාලයක් ක්‍රියාත්මක විම මෙහි තිබෙන සුවිශේෂීතත්වයයි.

Labels:

සර්ෆේස් ස්මාර්ට්ෆෝන් (මයික්‍රෝසොෆ්ට් වෙතින් ස්මාර්ට්ෆෝනයක් එයි)


  මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවතම ස්මාර්ට් ෆෝනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි. වින්ඩොව්ස් 8 මොබයිල් ඕඑස් මෙහෙයුම් පද්දතියෙන් ක්‍රියාත්මක වෙන මෙය දැන් තිබෙන අනෙකුත් සියලු ගුණාංග වලින්ද සම්න්විත වන බවට ආරංචි ඇත. තම සමාගමෙන් ස්මාර්ට්ෆෝන් දුරකතනයක් ඉදිරිපත්කරන බවට මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් කියා නොමැත. එහෙත් ඒ ගැන ආරංචි පසුගිය මාසය පුරාම ප්‍රසිද්ද විය. ඒවාට අනුව මේ ස්මාර්ට් ෆෝනය නම කොට තිබෙන්නේ සර්ෆේස් ෆෝන් (Surface Phone) කියාය.
             දැනට ලොව තිබෙන හොදම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වනුයේ ෆොක්ස්කොන්(Foxconn International Holding)  ය. ඇපල් අයිෆෝන් මෙන්ම, නොකියා, සෝනි, ලෙනොවො, හුආවෙයි, සීටිඊ වැනි ලොව ප්‍රකට දුරකථන සහ උපාංග නිෂ්පාදනය කරන්නේ මෙම සමාගමේය. මයික්‍රොසොෆ්ට් සමාගම දුරකතන නිෂ්පාදන ඇනවුමක් බාරදී තිබෙන බව ඩිජිට්යිම්(Digitimes) පුවත් සේවය පසුගිය නොවෙම්බර් 26 වෙනිදා තායිපේ නුවරසිට වාර්තා කළේය.
          මයික්‍රොසොෆ්ට් වෙළද ලකුණ යටතේ එන මෙම ස්මාර්ට්ෆෝනයේ ස්ක්‍රිනය අගල් 4ක් හෝ 5ක් වෙනු ඇත. එය අන්ලොක් කොට ඉදිරිපත්කරන අතර android මෙහෙයුම් පද්දතිය වුවත් ක්‍රියාත්මක කිරීමට පුළුවන. ඇතැම් අය වාර්තා කොට තිබුනේ මෙම ෆෝනය පෙනුමෙන් නොකියා ලුමියා 920(Nokia lumia 920) වැනි එකක් බවය.
         මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රදානි, ස්ටීව් බැල්මර් යන යන හැමතැනකදිම මාද්‍යවේදීන් අසනුයේ මේ ස්මර්ට්ෆොනය ගැනය. පසුගිය ඔක්තෝම්බර් 19 වෙනිදා බිබිසි(BBC) පුවත් සේවය ඔහුගෙන් මේ ගැන ඇසුවේය. ඔහුගේ පිළිතුර වුයේ " නොයෙක් හාර්ඩ්වෙයාර් උපකරණ ඉදිරිපත් කිරීම මේ කාලයට ඔබින වැඩක් කියලා අපි හිතනවා" යන්නයි. මේ ගැන වෝල් ස්ට්‍රීට් ජර්නල්(Wall Street Journal) සගරවද අසා සිටියේය. " අපට අමුතු සැලසුමක් තිබෙනවා තමයි. ඒත් මේ ගැන අපට සැලසුමක් තිබෙනවා කියාවත් සැලසුමක් නැ කියාවත් මා කියන්නේ නැහැ" යනුවෙන් ඔහු උත්තර දුන්නේය. මේ උත්තරය විශ්ලේෂණය කොට වෝල් ස්ට්‍රීට් ජර්නල් සගරාව ඉගි කොට තිබුනේ නියත වශයෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම ස්මර්ට්ෆෝනයක් වෙළදපලට එවන්නට යන බවය.
       මයික්‍රොසොෆ්ට් සමාගම මෙතෙක් කාලයක් ලොව ප්‍රසිද්ද වී තිබුනේ ආදායම් ලැබුවේත් ලොව විශාලතම මෘදුකාංග (Software) සමාගම වශයෙනි.ලොව තිබෙන පරිගණක උපාංග වලින් 90% ක් පමණ ක්‍රියාත්මක වෙන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වලිනි. මයික්‍රොසොෆ්ට් සමාගමට දෘඩාංග වෙළදපලේ ලොකු තැනක් නැත.
        ලොව හොදම වෙළද සමාගම සේ සැලකෙන ඇපල් සමාගම, දෘඩාංග වෙළදාම සමග මෘදුකාංග වෙළදාමද එකසේ පවත්වාගෙන යන සමාගමකි. ඇපල් සමාගමේ උපාංග වලට, මෘදුකාංගද එම සමාගමෙන් නිපදවෙන්නාක් මෙන්, මයික්‍රොසොෆ්ට් සමාගමද දැන් සැරසෙන්නේ සිය මෘදුකාංග වලට ගැලපෙන ලෙස දෘඩාංග තනන්නටය. එය පහසු කටයුත්තක් නොවන්නේ දැනටමත් වෙළදපොල අරා උසස් වර්ගයේ දෘඩාංග තිබෙන නිසාය. මේ නිසා මයික්‍රොසොෆ්ට් සමාගම අප්‍රසිද්දියේම විවිද දෘඩාංග තනා ඒවා වෙළදපොළ තරගකාරී මට්ටමට එන තෙක් අත්හදා බලයි. දැන් නිෂ්පාදනය කිරීමට ඇනවුම් කොට තිබෙන ස්මාර්ට්ෆෝනය එසේ අත්හදා බලන්නට යන එකක්ද, එසේ නැතහොත් අවසන් නිෂ්පාදනයද කියා කිසි ආරංචියක් තවම නැත.

Labels:

Pik to chart - ඉන්ෆොර්ග්ර්ෆික් සකසා ගතහැකි 'පික්ටුචාට්'


මෙම වෙබ් අඩවියෙන් ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන ටුල්ස් සහ ටෙම්ප්ලේට් බාවිතා කරමින් අපට අවශ්‍ය රූප සහ දත්ත යොදා ඉතා අලංකාර තොරතුරු ග්‍රැෆික් රූප සකසා ගන්නට පුළුවන.

www.piktochart.com

Labels:

SMS සේවයට අවරුදු විස්සයි

ලොව සිටිනා සැමදෙනෙක්ම දන්නා SMS ඇවිත් අවරුදු 20ක් වෙනවා. හැම කෙනෙක්ම අද වනවිට කිසියම් කටයුත්තක් සදහා එස්එම්එස් සේවය බාවිතා කරයි. නමුත් මෙහි ආරම්බය ගැන දන්නේ අතලොස්සක් පමණි.
          ලෝකයේ පළමු එස්එම්එස් පණිවිඩය යැවුවේ 1992 දෙසැම්බර් 03 වැනිදාය. මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වූ නීල් පැප්වර්ත් විසින් බ්‍රිතාන්‍යයේ වෝඩෆෝන් (Vodaphone) දුරකථන සමාගමේ අධයක්‍ෂවරයා වූ රිචර්ඩ් ජාවිස් එය කියවුයේ, ඔහු අත තිබු ඔර්බ්ටෙල් (Orbitel 901) සෙලියුලර් දුරකත්නයෙනි.
           දුරකථන සන්නිවේදන ජාලයක් හරහා ලියවිලි හෙවත් පනිවුඩ (Text) හුවමාරු කරන්නට පුළුවන්ය යන අදහස මුලින්ම ලෝකයාට ඉදිරිපත් කලේ, 1984 දිය. ඒ ෆින්ලන්ත ජාතික මැටි මැකෝනන් විසිනි. එනිසා එස්එමඑස් පණිවුඩ සංකල්පයේ පියා (Father of SMS) ලෙස සැලකෙන්නේ ඔහු බව බිබිසි (BBC) පුවත්සේවය වාර්තා කලාය. එහෙත් වසර 1984 පටන් 1992 දක්වා ගෙවුණු කාලය තුල එස්එමඑස් සේවය ජනප්‍රිය වුයේ නැති තරම්ය. ඊට හේතුව වුයේ සන්නිවේදන ජාල තාක්ෂනය, එස්එම්එස් යැවීමට තරම් දියුණු නොවීමත්, ජංගම දුරකථන බහුල නොවීමත්ය.
    නමුත් අනූව දශකය වන විට මේ සියල්ල දියුණු වුනු වකවානුවකි. සන්නිවේදන ජාල වලට වුචිත ආකාරයට එස්එම්එස් සේවය හැඩ ගැසුනේ මේ කාලයේදීය. බිට් 7ක කැරැක්ටර්ස් 160 ක් ඇති හෝ සම්පුර්ණ වශයෙන් බයිට් 140 ක දාරිතාවක් ඇති පණිවුඩයක් සේ එස්එම්එස් පණිවුඩයට ප්‍රමිතියක් ආවේය. එස්එම්එස් යැවීමේ පුළුවන්කම සැම ජංගම දුරකතනයක අනිවාර්ය අංගයක් විය. දුරකථන ජාල සියල්ලන්ම එස්එම්එස් සේවාව ලබාදීමට සැදී පැහැදී සිටියේය. මේ සියල්ල සමග එස්එම්එස් යැවීම ලෝක සම්මත පුරුද්දක් විය.
      දැන් ලොව පුරා අව්රුද්දකදී යවන එස්එම්එස් පණිවුඩ ගණන ට්‍රිලියන 8.6 ක් හෙවත් බිලියන 8600 කි. එනම් කෝටි අටලක්ෂ හැටදහසකි! එනම් සැම තත්පරයකදීම ලොවපුරා එස්එම්එස් පණිවුඩ තුන් ලක්ෂයක් පමණ ලොව පුරා හුවමාරු වෙයි.
      එස්එම්එස් පණිවුඩ යැවීම අද ලෝක සම්මතයක් සේම පුර්ද්දක් කොටගෙන ඇත. මේ නිසා අද ලෝකයේ බිහිව තිබෙන වෙලදපොලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 150කි.
     පසුගිය විසි වසර යනු එස්එම්එස් ජනප්‍රිය වෙමින් තිබු කාල වකවානුවකි. නමුත් අද වනවිට මේ තත්වය ක්‍රමයෙන් අඩුවී ඇත ඒ කෙටි පණිවුඩ නොමිලේ යවන්න පුළුවන් නොයෙක් ඇප්ලිකේෂන් සේවා පැමිණීමය. ඇපල් අයි මැසේජ් , ෆේස්බුක් මැසේජ් , ගෘප්මි , වට්ස් ඇප් වැනි සේවා ස්මාර්ට් ෆෝන් බාවිතා කරන්නන්ට බාවිතා කිරීමට පුළුවන. අනෙක් අතට වයි ෆයි ජාලයක් තුල පණිවුඩ යැවීමට මුදුල් වුවමනා නැත. අද ලෝකයේ ජංගම දුරකතන ගත්විට ස්මාර්ට් ෆෝන් තිබෙන්නේ 50%කි. එමනිසා ඉදිරි කාලයේ සාම්ප්‍රදායික එස්එම්එස් පණිවුඩ යැවීම අඩුවී යන්නට හොදටම ඉඩ තිබේ.

Labels:

Galaxy S පරම්පරාවේ ස්මාර්ට් ෆෝන් මිලියන 100 කට වඩා විකිණිලා SAMSUNG පවසයි


  පසුගිය සදුදා සම්සන්ග් සමාගම විසින් නිවේදනය කොට තිබෙන්නේ ඔවුන්ගේ (S Serious) Samsung Galaxy S , Samsung Galaxy S ii , Samsung Galaxy S iii මාදිලියේ ජංගම දුරකතන මිලියන 100 කට වඩා විකුනුනු බවයි.  මෙම ගැලැක්සි එස් පවුලේ ජංගම දුරකථන මෙම වාර්තාවට ඇතුලත් වෙනවා. Samsung සමාගම පවසන පරිදි මේ දුරකථන විකිණී ඇති ආකාරය මෙසේය

  1. Samsung Galaxy S iii   -   41 Million
  2. Samsung Galaxy S ii    -   40 Million
  3. Samsung Galaxy S       -   25 Million

Labels:

කිව්ආර් විකිපීඩියාව

න්තර්ජාලය එදිනෙදා ජීවිතයට සම්බන්දවි තිබෙන තරම කියන්න තිබෙන හොදම උදාහරණය වන්නේ විකිපිඩ්යාවෙන් කිව්ආර් කෝඩ් මහමගට ගෙන ඒමය. සිංහල විකිපිඩියාව වුවත් අද හොද මට්ටමකට දියුණු වී තිබේ. අනෙක් අතට අපේ රටේ වැදගත් තැන් වල විස්තර කියන වෙබ් අඩවි ඕනේ තරම් තිබේ. මෙම වෙබ් අඩවි වලට සම්බන්දය දෙන කිවූආර් කෝඩ් ඒ ඒ තැන් වල තැබුවහොත් විකිපීඩියා වැඩ වලටම අනුකරණය වෙන්නේ නැත. එය ආබාශය පමණි. දැන් මේ විදිහට අපේ රටේ මහ මග පෙනෙන්නට ඇත්තේ වෙළද දැන්වීම් වශයෙන් ඇති කිවූආර් කෝඩ් පමණි.