Labels:

මොසිල්ලා මොබයිල් වීම - Firefox OS

 
ෆයර්ෆොක්ස් තාලයේ මොබයිල් ඕඑස් එකක් එයි!

යර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය, නිකුත් කරන සමාගම වෙන ෆවුන්ඩේෂන් ආයතනය ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් පිසි වැනි ජංගම උපාංග සදහා මෙහෙයුම් පද්දතියක් නිකුත්කොට තිබේ. එහි නම ෆයර්ෆොක්ස් ඕඑස් (Firefox OS) ය.
      ඇපල් අයිඑස් , ගූගල් ඇන්ඩොයිඩ් , වින්ඩොව්ස් ෆෝන් වැනි මොබයිල් ඕඑස් එකක් වෙන මෙය සම්පුර්ණයෙන්ම විවුර්ත (Open Standard) එකකි. එනම් කිසිම බාදාවක් නැතුව කාටත් එය තමන්ට ඕනෑ හැටියට වෙනස් කරගත හැකි සේ එහි කේත පද්දතිය ප්‍රසිද්ද කෙරේ. දැනට තිබෙන ඕපන් සෝස් මාදිලියේ මොබයිල් ඕඑස් එක සේ android ප්‍රසිද්ද වුවත්, android සම්පුර්ණයෙන්ම විවුර්ත එකක් නොවේ. එය බාවිතා කල හැක්කේ ගූගල් සමාගමෙන් පනවන නීති රෙගුලාසි වලට යටත්වය. එහෙත් ෆයර්ෆොක්ස් ඕඑස් එසේ නොවේ. එහි සිමා රෙගුලාසි කිසිවක් නොමැත. එනිසා ලොව පළමු ඕපන් ස්ටෑන්ඩර්ඩ් මොබයිල් ඕඑස් එක වන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් ය.
         එළබෙන 2013 අව්රුද්දේ ෆයර්ෆොක්ස් ඕඑස් ඇති ජංගම උපාංග වෙළදපලට එවන්නට දැන් වැඩකරමින් තිබේ. චීනයේ සීටිඊ (ZTE) සහ ටිසීඑල් (TCL) යන ජංගම දුරකථන සමාගම් විසින් ෆයර්ෆොක්ස් ඕඑස් මෙහෙයුම් පද්දතිය ඇති ජංගම දුරකථන නිපදවන බවට දැන් කියා තිබේ. මෙහිදී යොදාගන්නේ දැනට සැම්සුන් ගැලැක්ස් වැනි උපාංග සදහා යොදාගන්නා ස්නැප් ඩ්‍රැගන් (Qualcomm Snap Dragon) ප්‍රොසෙසර්ය. එහි තේරුම ෆයර්ෆොක්ස් ඕඑස් එකත් දැන් තිබෙන වෙනත් මොබයිල් ඕඑස් මෙන් බලසම්පන්න එකක් බවය. එසේම ලොව ප්‍රකට ජන්ගම දුරකතන සේවා සමාගම් සියල්ලක් ම පාහේ ෆයර්ෆොක්ස් ඕඑස් ඇති ජංගම උපාංග වලට සබදතා ලබාදීමට කැමතිවී තිබේ.
      ෆයර්ෆොක්ස් ඕඑස් මොබයිල් මෙහෙයුම් පද්දතිය වැඩ කරන්නේ කෙසේද කියා අත්හදා බලන්නට එහි සංස්කරණයක් දැන් කාටත් නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්නට් පුළුවන. (http://goo.gl/aBO8I) මෙය ෆයර්ෆොක්ස් ඇඩෝන් එකක් සේ ඕනෑම පරිගනකයකදී ක්‍රියාත්මක කොට බලන්නට පුළුවන.
     ෆයර්ෆොක්ස් මොබයිල් ඕඑස් එක දැනට සකසා ඇත්තේ ඇමතුම් ලබාගැනීමට, පණිවුඩ යැවීම සහ කැලැන්ඩරය පවත්වාගෙන යාම වැනි මුලික වැඩකටයුතු පමණක් කළහැකි සේය. එහෙත් ඉදිරියේදී ඒ ගුණාංග වදුරටත් දියුණු කෙරෙනු ඇත
     ෆයර්ෆොක්ස් ඕඑස් මෙහෙයුම් පද්දතිය අනෙක් මොබයිල් ඕඑස් මෙන් විශේෂ මෘදුකාංග ආකෘතියක් හෙවත් ප්ලැට්ෆෝම් එකක්මත ක්‍රියාත්මක වන්නක් නොවේ. එය නවතම HTML5 වෙබ් අඩවි ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වන්නට තැනුවකි. එනිසා දැනට අන්තර්ජාලයේ ක්‍රියාත්මකවිය හැකි මොබයිල් උපාංග වලට අදාළ ඕනෑම වැඩසටහනක් ෆයර්ෆොක්ස් ඕඑස්සමග ක්‍රියාත්මක කරවන්නට පුළුවන
    ෆයර්ෆොක්ස් ඕඑස්වෙත නොයෙක් අංග එක් කරන්නේ ඇප්ස් මගිනි. මේ ඇප්ස් ලබා ගතහැක්කේ මොසිල්ලා මාර්කට් ප්ලේස් (Marketplace) වෙබ් අඩවියෙනි. එම ඇප්ස් සියල්ල ලියා ඇත්තේ HTML5 ප්‍රමිතිය අනුවය. එනිසා ඒවා අනෙක් වෙබ් සේවා සමග කිසි බාදාවක් නැතුව ක්‍රියාත්මක වෙයි.
         කව්රුත් දන්නා විදියට ෆයර්ෆොක්ස් ඕඑස් එකට වෙලදපල ජයගන්න රගකල යුත්තේ ඉතාම උසස් මොබයිල් ඕඑස් සමගය. ඒවායේ තාක්ෂණයට වඩා මෙතැනදී පෙරට එන්නේ මොස්රයයි. මේගැන සදහන් කරමින් මොසිල්ලා ආයතනයේ නිල බ්ලොග් අඩවියේ http://blog.mozilla.org/ කියා තිබුනේ ෆයර්ෆොක්ස් ඕඑස් එක යනු මෝස්තරය අතින්ද අනෙක් ඒවා පරයන නවීන එකක් බවය. ෆයර්ෆයර්ෆොක්ස් ඕඑස්ෆොක්ස් ඕඑස්ෆයර්ෆොක්ස් ඕඑස්

0 comments:

Post a Comment