Labels:

සර්ෆේස් ස්මාර්ට්ෆෝන් (මයික්‍රෝසොෆ්ට් වෙතින් ස්මාර්ට්ෆෝනයක් එයි)


  මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවතම ස්මාර්ට් ෆෝනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි. වින්ඩොව්ස් 8 මොබයිල් ඕඑස් මෙහෙයුම් පද්දතියෙන් ක්‍රියාත්මක වෙන මෙය දැන් තිබෙන අනෙකුත් සියලු ගුණාංග වලින්ද සම්න්විත වන බවට ආරංචි ඇත. තම සමාගමෙන් ස්මාර්ට්ෆෝන් දුරකතනයක් ඉදිරිපත්කරන බවට මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් කියා නොමැත. එහෙත් ඒ ගැන ආරංචි පසුගිය මාසය පුරාම ප්‍රසිද්ද විය. ඒවාට අනුව මේ ස්මාර්ට් ෆෝනය නම කොට තිබෙන්නේ සර්ෆේස් ෆෝන් (Surface Phone) කියාය.
             දැනට ලොව තිබෙන හොදම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වනුයේ ෆොක්ස්කොන්(Foxconn International Holding)  ය. ඇපල් අයිෆෝන් මෙන්ම, නොකියා, සෝනි, ලෙනොවො, හුආවෙයි, සීටිඊ වැනි ලොව ප්‍රකට දුරකථන සහ උපාංග නිෂ්පාදනය කරන්නේ මෙම සමාගමේය. මයික්‍රොසොෆ්ට් සමාගම දුරකතන නිෂ්පාදන ඇනවුමක් බාරදී තිබෙන බව ඩිජිට්යිම්(Digitimes) පුවත් සේවය පසුගිය නොවෙම්බර් 26 වෙනිදා තායිපේ නුවරසිට වාර්තා කළේය.
          මයික්‍රොසොෆ්ට් වෙළද ලකුණ යටතේ එන මෙම ස්මාර්ට්ෆෝනයේ ස්ක්‍රිනය අගල් 4ක් හෝ 5ක් වෙනු ඇත. එය අන්ලොක් කොට ඉදිරිපත්කරන අතර android මෙහෙයුම් පද්දතිය වුවත් ක්‍රියාත්මක කිරීමට පුළුවන. ඇතැම් අය වාර්තා කොට තිබුනේ මෙම ෆෝනය පෙනුමෙන් නොකියා ලුමියා 920(Nokia lumia 920) වැනි එකක් බවය.
         මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රදානි, ස්ටීව් බැල්මර් යන යන හැමතැනකදිම මාද්‍යවේදීන් අසනුයේ මේ ස්මර්ට්ෆොනය ගැනය. පසුගිය ඔක්තෝම්බර් 19 වෙනිදා බිබිසි(BBC) පුවත් සේවය ඔහුගෙන් මේ ගැන ඇසුවේය. ඔහුගේ පිළිතුර වුයේ " නොයෙක් හාර්ඩ්වෙයාර් උපකරණ ඉදිරිපත් කිරීම මේ කාලයට ඔබින වැඩක් කියලා අපි හිතනවා" යන්නයි. මේ ගැන වෝල් ස්ට්‍රීට් ජර්නල්(Wall Street Journal) සගරවද අසා සිටියේය. " අපට අමුතු සැලසුමක් තිබෙනවා තමයි. ඒත් මේ ගැන අපට සැලසුමක් තිබෙනවා කියාවත් සැලසුමක් නැ කියාවත් මා කියන්නේ නැහැ" යනුවෙන් ඔහු උත්තර දුන්නේය. මේ උත්තරය විශ්ලේෂණය කොට වෝල් ස්ට්‍රීට් ජර්නල් සගරාව ඉගි කොට තිබුනේ නියත වශයෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම ස්මර්ට්ෆෝනයක් වෙළදපලට එවන්නට යන බවය.
       මයික්‍රොසොෆ්ට් සමාගම මෙතෙක් කාලයක් ලොව ප්‍රසිද්ද වී තිබුනේ ආදායම් ලැබුවේත් ලොව විශාලතම මෘදුකාංග (Software) සමාගම වශයෙනි.ලොව තිබෙන පරිගණක උපාංග වලින් 90% ක් පමණ ක්‍රියාත්මක වෙන්නේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වලිනි. මයික්‍රොසොෆ්ට් සමාගමට දෘඩාංග වෙළදපලේ ලොකු තැනක් නැත.
        ලොව හොදම වෙළද සමාගම සේ සැලකෙන ඇපල් සමාගම, දෘඩාංග වෙළදාම සමග මෘදුකාංග වෙළදාමද එකසේ පවත්වාගෙන යන සමාගමකි. ඇපල් සමාගමේ උපාංග වලට, මෘදුකාංගද එම සමාගමෙන් නිපදවෙන්නාක් මෙන්, මයික්‍රොසොෆ්ට් සමාගමද දැන් සැරසෙන්නේ සිය මෘදුකාංග වලට ගැලපෙන ලෙස දෘඩාංග තනන්නටය. එය පහසු කටයුත්තක් නොවන්නේ දැනටමත් වෙළදපොල අරා උසස් වර්ගයේ දෘඩාංග තිබෙන නිසාය. මේ නිසා මයික්‍රොසොෆ්ට් සමාගම අප්‍රසිද්දියේම විවිද දෘඩාංග තනා ඒවා වෙළදපොළ තරගකාරී මට්ටමට එන තෙක් අත්හදා බලයි. දැන් නිෂ්පාදනය කිරීමට ඇනවුම් කොට තිබෙන ස්මාර්ට්ෆෝනය එසේ අත්හදා බලන්නට යන එකක්ද, එසේ නැතහොත් අවසන් නිෂ්පාදනයද කියා කිසි ආරංචියක් තවම නැත.

0 comments:

Post a Comment