
Nokia සමාගම සිය නවතම නිෂ්පාදනය වන “Nokia Lumia 620″ smartphone එක මේ වන විට නිකුත් කර හමාරයි. Windows Phone 8 mobile OS එකෙන් සමන්විත මිල අඩුම device එක ලෙස Nokia Lumia 620 හදුන්වන්න පුළුවන්. 800 x 480 resolution එකක 3.8-inch Clear Black WVGA screen එකක් හා Qualcomm S4 1GHz dual-core GPU එකක් සහිතව තමයි මෙම Lumia 620 smartphone එක ඔබ අතට පැමිණෙන්නේ. මෙහි පසුපස කැමරාව 5 MP වන අතර ඉදිරිපස තිබෙන්නේ VGA කැමරාවක්. මෙහි storage එක ගිගාබයිට් 8 ක ප්‍රමණයක් පමණක් වන නමුත්, Lumia 620 සමග ඔබට micro SD memory card එකක් බාවිතා කරන්න පුළුවන්.මෙහි මිල $249 ක් වන අතර එකිනෙකට වෙනස් වර්ණ 6 කින් Lumia 620 මිලදීගන්න ඔබට පුළුවන්. ඒ වගේම එහි ආවරණය පහසුවෙන් මාරු කල හැකියි.
0 comments:
Post a Comment